හැමෝටම සුභ දවසක් වේවා..!!!
මම සිංහල බ්ලොග් කාරියක් විදියට කෙටි කාලයක් වුවද ඔබ හමුවට ඇවිත් නොයෙක් ආකාරයෙන් ඔබ හා සම්බන්ධ වී සිටි කාලය දුකින් වුවද නිමා කරන්නට කාලය නොදැනීම එළඹ ඇත , එහෙත් කෙසේ නම් අමතක කරම් ද සුන්දර මිනිසුන් සැරිසරන මේ ලෝකය.
කෙටි කලකදී වුව ඔබෙන් ලද සහයෝගය නම් ඉතාමත් අගය කල යුතු කරුණකි.
ඔබ ඇවිත් මගේ බ්ලොග් අඩවියට ඒ ඒ පෝස්ට් සදහා අදහස් දැක්වුවා, එ් අදහස් නිසාමයි ඕනම බ්ලොග් කාරයෙක්/කාරියක් තවත් පොස්ට් ඉදිරිපත් කරන්නට පෙළබෙන්නේ. එය හොද දිරිගැන්වීමක්, එය ඔබෙන් මම ද ලදිමි. එහෙයින් ඔබට මා කෘතඥ වෙමි.
අධ්‍යාපනයේ ඉදිරි වැඩ නිසා ඔබෙන් සමුගන්නට වූ නමුත් වේලාවක් පැමිණි විගස නැවත අළුත් පෝස්ට් එකකින් ඔබ අතරට පැමිණෙන බලාපොරොත්තුව අැතිව සමුගනිමි.
මා සමග රැදී සිටි ඔබ සැමට බොහොමත් ස්තුතියි.!!!
මා සමුගන්නා මේ මොහොතේ සාඩම්බර සිංහල බ්ලොග් කරුවන් තව තවත් වැඩි වැඩියෙන් බිහි වේවායි මගේ එකම පැතුමයි….!!!
ඔබ සියල්ලටම සදා ජය !!!









මම නම් ගොඩාක් කැමති විෂයක් තමයි නැටුම්. මේ නැටුම අපිව කෙතරම් ප්‍රබෝදමත් කරවනද කියලා තේරෙන්නේ නර්තනයේ යෙදෙන කෙනෙකු හා නර්තනය විදින කෙනෙක්ම තමයි.අපේ දේශිය නර්තනය ඉතාම වටිනා දෙස්විදෙස්වල අය පවා අගය කරන ආස කරන අංගයක්, කියන එක අපි කවුරුත් දන්න කරුණක්. හැබැයි දේශිය නර්තනය කිවුවම වෙස් නැට්ටුවෙක් නැත්නම් පහත රට නැට්ටුවෙක් දැක්ක ගමන් මේ දේශිය නැට්ටුවෙක් කියන එක විතරක් අපි දැනගෙන මදි.දේශිය නැටුම තුළ දිගුකාලයක් තිස්සේ පැවත එන චාරිත්‍රවාරිත්‍ර එහි භාවිත වන වචන ගැනත් අපි දැන ගන්න ඕන…………………….
ඉතින් මම නම් බොලොග් සම්බන්ධයෙන් අලුත් කෙනෙක්, මටත් හිතුනා බලොග් එකක් කරගෙන යන්න,තේරෙන විදියට,………ආ ඔයාලා බලයි ඇයි මම එහෙම කිව්වෙ කියලා.මම එහෙම කිව්වෙ blog ගැන මම ගොඩක් දන්න කෙනෙක් නෙමෙයි.ඒ වගේම මම computer ඉගෙන ගන්න කෙනෙක් කිව්වොත් නිවැරදියි.ඒ නිසයි මම එහෙම කිව්වෙ.බ්ලොග් භාවිතය ගැනත් ඉගෙන ගන්න ආස හිතුනා අනේ…………………………………….