‍‍‍…….සමුගනිමි මම…….

හැමෝටම සුභ දවසක් වේවා..!!!

මම සිංහල බ්ලොග් කාරියක් විදියට  කෙටි කාලයක්  වුවද ඔබ හමුවට ඇවිත් නොයෙක් ආකාරයෙන් ඔබ හා සම්බන්ධ වී සිටි කාලය දුකින් වුවද නිමා කරන්නට කාලය නොදැනීම එළඹ ඇත , එහෙත් කෙසේ නම් අමතක කරම් ද සුන්දර මිනිසුන් සැරිසරන මේ ලෝකය.

කෙටි කලකදී වුව ඔබෙන් ලද සහයෝගය නම් ඉතාමත් අගය කල යුතු කරුණකි.

ඔබ ඇවිත් මගේ බ්ලොග් අඩවියට ඒ ඒ පෝස්ට් සදහා අදහස් දැක්වුවා, එ් අදහස් නිසාමයි ඕනම බ්ලොග් කාරයෙක්/කාරියක් තවත් පොස්ට් ඉදිරිපත් කරන්නට පෙළබෙන්නේ. එය හොද දිරිගැන්වීමක්, එය ඔබෙන් මම ද ලදිමි. එහෙයින් ඔබට මා කෘතඥ වෙමි.

අධ්‍යාපනයේ ඉදිරි වැඩ නිසා ඔබෙන් සමුගන්නට වූ නමුත් වේලාවක් පැමිණි විගස නැවත අළුත් පෝස්ට් එකකින් ඔබ අතරට පැමිණෙන බලාපොරොත්තුව අැතිව සමුගනිමි.

මා සමග රැදී සිටි ඔබ සැමට බොහොමත් ස්තුතියි.!!!

මා සමුගන්නා මේ මොහොතේ සාඩම්බර සිංහල බ්ලොග් කරුවන් තව තවත් වැඩි වැඩියෙන් බිහි වේවායි මගේ එකම පැතුමයි….!!!

ඔබ සියල්ලටම සදා ජය !!!

Posted in Uncategorized | 8 Comments

~***මෙන්න ආදර පුඩිම සාදා ගන්නා ආකාරය***~

ඔන්න ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ අමුතුම ජාතියේ පුඩිමක් හදන හැටියිි,
හෝව්……හෝව්……………….

ඉතින් මම මුලින්ම කියන්න එපැයි මට මේ පුඩිම හදන හැටි කියලා දීපු කෙනා ගැන, ආ… එයා අර sms එක එවපු අයියා නම් නෙවෙයි. වෙන පිස්සු පොරක් කියලා කියන්නම් කෝ……………., එයාට හැම දෙයක්ම ඉතින් විහිළු තමයි, එයා මගේ හොදම යාළුවෙක්, එයාට මම ආදරේට කියන්නේ ඉතින්  බූ………… කියලා.

ඉතින් දැන් කතාව කියන්නම් කෝ…..

දවසක් මම එයාට කිය කියා හිටියා මගේ යාළුවෙකුට ආදරය නිසා වුන දුක් වේදනාවක් ගැන, අනේද කියන්නේ, කියන්නේ කාටද? අපේ  බූ…ට  හැම දෙයක් ම විහිළු තමයි,

එයා මෙන්න එක පාරටම සීරියස් වගේ  මෙහෙම කිවුවා,

ඔය අදරේ කියන එක එහෙම ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි එක වුනත් හදා ගන්න විදියක් තියෙනවා, කියලා.

ඈ බෙලේ……… හදා ගන්න විදියක්, මම බැළුවා ඒ කොහොම ද කියලා?

ඒ පාර මම ඇහුවා බූ.. මොකක් ද ඒ හදා ගන්න කතාව කියලා, බූ කියනවා ආ.. ඔයා ද්නැද්ද ඒ කතාව කියලා,

අනේ මම දන්නේ කොහොමද  ඔය කතා, කියන්නකෝ,

ආ ඔන්න එහෙනම් මේක අහාලා මදි, ලියාගන්න ඔ්න, ඒක ඒ විදියට නිවැරදිව හදා ගන්න නම් ලියා ගන්න, නැත්නම් අමතක වෙයි,

අනේ විකාර නැතිව කියන්න බූ…

හා හා ඔං එහෙනම් අහ ගන්නකෝ………

මේකේ නම -:   ආදර පුඩිම


සාදාගන්නා ආකාරය -:

  • ආදරය ග්‍රෑම් 500 යි
  • මිරිකා ගත් දයාව තේ හැදි  01 යි
  • බැගෑපත්කම තේ හැදි 02යි
  • පරිත්‍යාගය ගෙදි 02 යි
  • ඉවසීම හා කරුණාව ස්වල්පයයි
  • සිනහව මද පමනට
  • හොද හිත අවශ්‍ය තරමට

mix කොට පුඩිම සාදා ගත යුතුයි.

ආදර පුඩිම හදා ගන්නා ආකාරය ඔන්න ඔහොමයි කියලයි ඉතින් බූ.. මට කිව්වේ.

එයා කියනවා යාළුවටත් ඔය රිසිපිය කියලා දෙන්නලු.

ඉතින් කොහොමද අපේ බූ… ගේ ආදර පුඩිම …?

Posted in Uncategorized | 4 Comments

~~~….කාන්තාව දෙවියෝ මවපු හැටි….~~~

කාන්තාව කවුද? මොනවගේ ද කියලා කලින් මම කියලා නේ තියෙන්නේ. මමත් කාන්තාවක්, කාන්තාවක් නිසා කියනවා නෙවෙයි. කාන්තාව නරකයි කියන්න පුළුවන් කාටද? මම නම් හිතන්නේ එහෙම කියන්න බෑ කාටවත්. කාන්තාව කියන්නේ උත්තරීතර කෙනෙක්,

ඒත්  ්‍හැදිමිටේ නුවණ තරම්වත් නුවණක් නෑ කියන පැරණි මතය තවත් පාවිච්චි කරන අය දැන්් ‍නෑ කියන්නේ කොහොම ද? ඉන්නවා,ඒක නිසයි මම මේක ලියන්නත් හේතුව,

මම කතාවක් කියන්නම්,

ඒ කතාවේ දෙවියො කරපු එක වැරැද්දක්  ලෙස මම මෙය දකිනවා. හැබැයි මම නම් හිතන්නේ දෙවියො නෙවෙයි මේ වැරැද්ද කරලා තියෙන්නේ, කවුරු හරි කෙනෙක් කාන්තාවට ගරහන්න හදපු කතාවක් මේක,

ඒත් ඉතින් මම මේ තකාව කියන්නේ කාන්තාවට ගරහන්න නම් නෙවෙයි. කාන්තාවට එහෙම කියන්න එපා කියන්නයි.

හා.. හා.. ඉතින් දැන් වැල් වටාරම් කිව්වා ඇති නේද? ඔන්න ඉතින් කතාව පටන් ගන්නම් කෝ……………………..

මට මේ කතාව කිව්වේ පරණ මනුස්සයෙක්…… සීයා කෙනෙක්, සීයලා ගැන දන්නවනේ……………….

කාන්තාව  මැව්වේ දෙවියෝ කියලනේ ඔය එක එක ආගම් වලයි තව තවත් අයයි කියන්නේ, ඉතින්  මේ දෙවියෝ කාන්තාව මවද්දි කරලා තියෙන වැඩේ තමයි  සර්පයින් වර්ග සියල්ලක්ම එකතු කරලා උන්ගේ විස ඔක්කොම එකතු කරලා,

ඊට පස්සේ,

ඒ විතරක් නෙමේ ඒවා හොදට කවලම් කරලාලු කාන්තාව මවලා තියෙන්නේ. මෙහෙම මවපු කාන්තාවගේ පිටතින් ඊට පස්සේ සූකිරියි මී පැනියි ගාලා ලස්සනත් කරලා.මෙන්න මෙහෙම කාන්තා මවලා තියෙනවා කියලා කියනවා.

අනේ මන් දන්නෑ කොහොමද මෙහෙම කාන්තාව මැව්වා කියලා කියන්නේ කියල,

ඇයි මෙවන් කාලෙකත් කාන්තාව මෙච්චරම පහළට දාන්න මේ වගේ කතා කියන්නේ කියලා. හැබැයි මෙහෙම කියන්නේ කාන්තාව ගැන දන්නැති මෝඩ මිනිස්සු කියලයි මම නම් හිතන්නෙ.

ඉතින්  මේ ගැන ඔයාලගේ  අදහස  මොකක් ද කියන්නකෝ……..? බලන්න

Posted in Uncategorized | 17 Comments

???…භීතිය ගෙනෙන sms එක…???

ඔන්න මම දවසක් පොතක් බල බලා හිටියා. මම හොද ළමයෙක්නේ ඒක නිසා මම පොත් බැලුවා කියලා  phone එක off කරන් නෑ… එහෙම තමයි ඉතින් ඉගෙන ගන්න උනන්දුවෙන හොද ළමයි, (ඔයාලා දන්නවනේ……..) පොතක් කිව්වට නවකතාවක්, ඒ පොතේ නම යුගාන්තය, ඔය නවකතාවේ හොදම හරියේ  තමයි හිටියෙ මම, ඉතින් හොදම හරියේ ඉන්දැද්දි අවට ගැන ටිකක් කල්පනාව අඩුයිනේ……….

ඔහොම ඉන්න අවස්ථාවේ මගේ phone එකට sms එකක් ආවා.මම බය වුනත් එක්ක, phone එ‍ෙක් sms tone හරි සද්දෙයි එක නිසා, දන්නවනේ හිටියෙ වෙන ලෝකෙක, බය වුනා නේද කියන්නේ මම…………………, ඉතින් කලින් කිව්ව වගේ ඉගන ගන්න ලමයෙක් විදියට sms එකේ tone එක ඇහුන ගමන් phone එක අතට අරගෙන message එක කාගෙන්ද බැලුවා ආවේ, ඒක ඇවිත් තිබුනේ හිතවත් අයියා කෙනෙකුගෙන්, එයා අපෙ අයියාගේ යාළුවෙක්, එයා මට මගේ අයියා වගේ,  මම හිතුවෙ අයියට පණිවිඩයක් වත් කියලා, එහෙම හිතලා කියවන්න ගත්තනේ…….. මෙන්න මෙහෙමයි ඒකේ මුලින්ම ලියලා තිබුනේ,

sorry karadara karanawata. oyata kiyanna deyak thiyenawa.

හප්පේ ඒ මොකක් ද කියලා මට හිතා ගන්න බැරි වුනා. මගේ හද ගැස්ම පොඩ්ඩක් වැඩි වුනා. මම කෙල්ලෙක්නේ ඉතින් එහොම දෙයක් මුලින්ම ලියලා තියනකොට.., ඉතිරියත් ආයේ කියවන්න පටන් ගත්තා, බලන්නකො කියවලා……………………..?

ane me de ahala eka paratama amathaka kanana ehema epa. tikak hithala balanna

මට දැන්නම් හීන් දාඩිය දැම්ම, ඔයාලටත් හිතා ගන්න පුළුවන්නේ ඒ ඇයි කියලා, ඉතුරු හරිය කියවන්න හිතුනෙත් නෑ, ඒත් කමක් නෑ මොනවා කරන්න ද කියලා හිතලා ආයේ කියවන්න පටන් ගත්තා,

habai me de ahala oya baya wenan epa harida. meka hangila thibunath hamadama ehema inna be.thawath mehema hitiyoth passe pasu thawenna wei.

අනේ මන්ද බය නම් චුට්ටක්වත් අඩු වුනේ නෑ, එන්න එන්නම කුතුහලෙයි බයයි ඇතිවෙනවා, වෙලාවකට මොකක්ද අනේ මේ කියන්න හදන්නේ කියලා හිතෙනව‍ා. ඊට පස්සේ ආයේ මෙහෙම කියලා තියෙනවා,

oyatai matai witharak nemei api hamotama,                                                                                              eka nisa  mama oyata kiyannam. hangala wadak nahane. oyath meka adurana kattiyata kiyanna.plz

අනේ මන්දා දැන් නම් මට මඤ්ඤං වගේ, මොකුත් හිතාගන්න බෑ. මට මේයත් එක්ක තරහත් එක්ක, ඕං…… ඉතින් අවසාන චුට්ටත් කියෙව්වා මොකක්ද කියලා හරියටම දැන ගන්න……………………

hamotama kiyanna,

“DENGU MARANTHIKAI”

ඔන්න ඔහොමයි ඒ sms එක.  මට නේ…………..ද , දෙන්න හිතුනා හොම්බට 60ක්, අයියානේ මොනවා කරන්නද………..? එයා හරි හොදයි

Posted in Uncategorized | 17 Comments

‍ගැහැණිිය වනාහි

ඇය දුර්වලයි – ලොව පවසයි

දහසක් දුක් උසුලන්නී ඇයයි

රැජිනක වහළියක වන්නී ඇයයි

ඇය බොළදයි- ලොව පවසයි

රට පාලනය කරන්නි ඇයයි

ඇය දුර්වලයි – ලොව පවසයිි

දහසක් දුක් උසුලන්නී ඇයයි

ඇගේ නුවණ හැදිමිටේ දිග බව ලොව පවසයි

බුද්ධියෙන් පන්හිදෙන් ලොව පුබුදන්නී ඇයයි

මව් සෙනෙහසෙන් පිරිපුන් බව ලොව පවසයි

බිළිදුන්  මරා දමනුයේ ඇයයි

අැය චපලයි ලොව පවසයි

අවංකත්වයෙන් දිවි ගෙවන්නී ඇයයි

රැවටෙන සුළු බව ලොව පවසයි

කපටිකමින් දිවි ගෙවන්නී ඇයයි

ඇය මෘදුයි ලොව පවසයි

යකින්නියක වන්නි ඇයයි

ඕපාදූප සොයයි ලොව පවසයි

ලොව සිදුවන දෑ ඇය නොදනියි

කේලාම් බොරු කාරයි ලොව පවසයි

සත්‍යයේ ප්‍රතිමූර්තිය ඇයයි

ඇය වාචාලයි ලොව පවසයි

කරුණාව මෘදු බව දහම් සුවද පතුරුවන්නී ඇයයි

ආදරය ඇගෙ ජීවිතයයි ලොව පවසයි

ආදරය  සෙල්ලමක්  කොට ගන්නී ඇයය

ලජ්ජාවෙන් බිියෙන්  දිවිගෙවයි ලොව පවසයි

යුධ බිමේ කෙළි බිමේ රගහලේ පෙරළි කරන්නී ඇයයි

නිකරුනේ කාලය ගත කරයි ලොව පවසයි

දහසක් වැඩ කරන්නි ඇයයි

වරදේ බැදෙයි ලොව පවසයි

පිවිතුරු පතිදම් රකින්නී ඇයයි

පුරුෂාධිපත්‍යට ලක් යවයි ලොව පවසයි

ස්ත්‍රී ආධිපත්‍ය පතුරන්නී ඇයයි

Posted in Uncategorized | 2 Comments

යොවුන් ප්‍රේමය රාගයෙන් උමතු වෙලා…………..

තරුණ වයසට ආවම කොල්ලො කෙල්ලො හිතන්නෙ “ආදරය” ගැන කියන දේ අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙමෙයිනේ.කොල්ලෙක් කෙල්ලෙක් සෙට් කර ගන්නෙ කෙහාමද?කෙල්ලෙක් කෙල්ලෙක්ගේ හිත ගන්නෙ කොහාමද කියල තමයි මේ කාලෙට හිතන්නෙ වැඩිපුර.එහිදී ඉතින් මුලින් කිව්ව විදියට මෙය “ආදරය”කියන වචනයයි. නමුත් අපිට ප්‍රශ්නයක් නැගෙනවා.ඒ මේ අය අතරේ කි දෙනෙක් අතරෙ මේ කියන ආදරය පිළිගන්නවාද කියන එකයි.

මම හිතනවා අපි හැම කෙනෙකුම වගේආදරය තුලින්ම ගොනාට ඇන්දිලා කියලා ඒකට එක හේතුවක් තියෙනවාඒ ආදරෙයි කියපු කටින්ම තෝ,උඹ වැනි වචනත් පිට වන නිසයි. කෙනෙක්ව එකපාරට දැක්කට පස්සේ ලොකු හුරු පුරුදු කමක් සහ ආකර්ෂණයක් ඇතිවෙනවා.මෙන්න මේ ආකර්ෂණය ආදරය නමින් බොහෝ අය පටලවා ග්නවා.ඉතින් ඊට පස්සෙ සිප ගැනීම් කරනවා.ඉන් ඔබ්බටත් ඔවුන් ක්‍රියා කරනවා.ඒ වන තුරුත් මෙය  ආදරයමයි කියලා හිතනවා.(මේ නිසා වේදනාවක් දුකක් ලැබුනාම)ඇති වූ විට ඔවුනොවුන්ම තම තමා දොස් නගා ගන්නවා.මෙය ආදරය කියා කියන්න පුළුවන් ද? මට නම් දැනෙන විදියට ආදරය කියන වචනය මහා පුදුම බලයක් ඇති දෙයක්. මෙයින් කෙනෙකුගේ ජීවිතය දෙව්ලොවක් කරන්නත්, අපායක් කරන්නත් පුළුවන්.

එය දිව්‍යලෝකයක් වෙන්න නම් සැබෑ හදවතක සැබෑ අවංකකමත් අවංක ලෙස ආදරය හදවතට සමීප කර ගැනීමත් විය යුතුයි.

ආදරය කියන්නේ හරිම ලස්සන දෙයක්, මේ තුළ ලස්සන අර්ථවත් බවක් තියෙනවා.

මම නම් දකින්නේ ආදරය කියන්නේ අවංකත්වය, පරිත්‍යාගය, ආත්මාර්ථකාමීත්වය, විවෘතභාවය එක් වුන දෙයක් ලෙසයි.

ඒ ආදරය තරුණ හදවත් තුළට ඇතුලත් කර ගන්න පුළුවන්නම් කොච්චර ලස්සන වෙයිද මේ ලෝකය, නමුත් මේ ආදරය කියන වචනය තුල තේරුම අද සමාජයේ ගොඩක් තරුණ තරුණියන් දන්නේ නැති නිසයි ගොඩක අය අාදරය නිසා දුක් විදින්නේ. අද ගොඩාක් දෙනෙකුට ආදරය නිසා දිව්‍ය ලෝක නෙවෙයි අපායවල් මවලා දීලයි තියෙන්නේ. ‍ලගට ලං වෙලා දුකේ දී සැනසුමක් වීම වැනි උසස් දේ මේ ආදරය තුලඇති බව කිව යුතුයි. නමුත් මෙය සමහර අය නොදන්නා බව කණගාටුවට කරුණක්, එය අද තරුණ තරුණියන් තේරුම් අරගෙන නැති බව පෙනෙනවා.තාවකාලික Fun එකක් ලබා ගන්න ආදරය කරනවා නම් එතතොට තරුණ භාෂාවෙන්ම කියනවනම් hot hot රාගයට කියන්නෙ මොකක් ද?

Posted in Uncategorized | 2 Comments

සමාවෙන්න මට …………….!!!

සුදු සද පිපුනට සද දිය ගැලුවට

සෙනෙහස නෑ ඒ සද වතුරේ……………………………..

තරු එළි දිලුනට දිලි දිලි නිවුනට

නුබෙ ඇස් නෑ ඒ තරු අතරේ…………………………………

පිනි කැට වැටුනට මල් පෙති තෙමුනට

සුවදක් නෑ ඒ මල් ගොමුවේ

මා නුඹෙ කිවට නුඹ මගෙ කීවට

මට නුඹ හිමි නෑ රන් තරුවේ………………………………

  

 හිරු මිය ඇදුනට අවපස අහසට

සුදු සද පායා හිනැහෙන්නේ……………….

හිමි නැති අහසය දුර මහ පොළවට

වැඩියෙන් ප්‍රේමය සිත පිරුනේ………………………..

මා පෙම් කෙරුවට නුඹ පෙම් කෙරුවට

අප නෑ අප හට හිමි‍ වන්නේ……………………………

පෙර කළ පවකට පිං මද සෙනෙහස

හැර යාමයි කළ යුතු වන්නේ………………………

  

සමනල තටු මත වැහි බිදු වැටුනට

කොහොමද ආයෙත් පියඹන්නේ……………………………

තැලි පිලි ඇන්දට අතැගිළි බැදුනට

නෑ මතකය අමතක වන්නේ…………………

මෙත් මල් සුවදට බුදු බණ පදයට

නුබෙ සෙනෙහසමයි සිහි වන්නේ……………………

හිමි නැති සිතකට පෙම් කළ වරදට

කදුළයි තනියට ලග ඉන්නේ………………………..

  

පාරමී පිරුවට මතු මතු පැතුවට

ඉරණම මෙහෙමලු විසදෙන්නේ…………………………..

අපි පෙම් කෙරුවට හීන ඇහින්දට

හීනෙන්වත් නෑ හමුවන්නේ………………………………

ඔබ දුක් ගත්තලු සසර පුරාවට

ඒ හින්දයි මේ සිත රිදුනේ……………………………

මල් පෙති හිත උඩ මහමෙර තැබුවට

සමාවෙන්න මට සුදු මැණිකේ………………………!!!

Posted in Uncategorized | 2 Comments

දේශිය නර්තනය තුළ කළඑලිය

                               මම නම් ගොඩාක් කැමති විෂයක් තමයි නැටුම්. මේ නැටුම අපිව කෙතරම් ප්‍රබෝදමත් කරවනද කියලා තේරෙන්නේ නර්තනයේ යෙදෙන කෙනෙකු හා නර්තනය විදින කෙනෙක්ම තමයි.අපේ දේශිය නර්තනය ඉතාම වටිනා දෙස්විදෙස්වල අය පවා අගය කරන ආස කරන අංගයක්, කියන එක අපි කවුරුත් දන්න කරුණක්. හැබැයි දේශිය නර්තනය කිවුවම වෙස් නැට්ටුවෙක් නැත්නම් පහත රට නැට්ටුවෙක් දැක්ක ගමන් මේ දේශිය නැට්ටුවෙක් කියන එක විතරක් අපි දැනගෙන මදි.දේශිය නැටුම තුළ දිගුකාලයක් තිස්සේ පැවත එන චාරිත්‍රවාරිත්‍ර එහි භාවිත වන වචන ගැනත් අපි දැන ගන්න ඕන…………………….

අද අපේ දේශිය දේට ගිහින් තියෙන කල ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නෑනේ යාළුවනේ. එවන් කලක් ගිය ‍පැත්තක් තමයි දේශිය නර්තනයත්……… මම ගොඩක් ආස කරන ගෞරව කරන විෂයක් ලෙස ඒ දේ පිළිබද මා දන්නා දේ ඔබටත් ඉදිරිපත් කර අපේ දේශිය නර්තන කලාවේ අනාගතය වෙනුවෙන් පුංචි මෙහෙයක් කරන්නයි මගේ උත්සාහය .

ආ තව රහසක් කියන්න ඕන නර්තනය කරන කවුරුත් ඉක්මනට වයසට යන්නෑ. වයසට ගියත් හොද ශරීර සෞඛයක් තියන අයයි ඒ අය.

ඔන්න ඉතින් මම ඔයාලට මම දන්න දේශීය නර්තන පිළිබද දැනුම ඔයාලටත් දැන ගන්න කියන්නම් කෝ……………………..

මුලින්ම මම කියන්නම් දේශිය නර්තනය තුළ කලඑළිය කියන්නෙ මොකක්ද කියලා.ඇත්තටම නර්තනයේදී කලඑළිබසිනවා කියලා කියනවා.සමහර අය මම නර්තනය හදාරපු කෙනෙක් කිවුවහම අහනවා ඔයා කලඑළි බැහැල ද? කියලා,ඒවගේම කලඑළි බැහැලනම් එයාව ඇත්තටම හොද නැට්ටුවෙක් කියලත් කියනවා.ඒත් මේක අහගෙන ඉන්න සමහර අයනම් මොකක්ද ඒ කියලා දන්නනෙ නෑ……….

කලඑළි බහිනවා කියන්නෙ ගැහැණු පිරිමි භේදයකින් තොරව දේශීය නර්තනයට අයත් උඩරට පහතටර සබරගමු කියන ප්‍රධාන නර්තන අංග යටතේ එහි දැනුමින් පරිපූර්ණ තත්වයට පැමිණි පසු ඔහු හොද නර්තන ශිල්පියෙක්/ශිල්පිනියක්  වග සියල්ලටම කියා ඔහුට යම් උසස් තත්වයක් ලබා දීමයි.එනම් ක්‍රීඩාවේදී දක්ෂයාට රන් පදක්කම දෙන්නා සේ නර්තනය පිළිබද (උඩරට නැත්නම් පහතරට හෝ සබරගමු) දැනුමින් මුහුකුරා ගිය නර්තන ශිල්පියාට ලබා දෙන්නාවූ පදක්කම කළඑළි බැසීමයි.

උඩරට නර්තනයෙහි ගත් කල පිරිමි නර්තන ශිල්පියා කලඑළි බසින්නේ වෙස් බැදීමෙන් ය. කාන්තාව කලඑළි වන්නේ පාහිම්පත් පැළදීමෙන් පසුය.

මෙයින් පසු කලඑළි බසින ලද සියලුම අය ඉහළ පිළිගැනීමක් ලබනු ඇත.

Posted in Uncategorized | Leave a comment

ආයුබොවන් සැමට………..!

                              ඉතින් මම නම් බොලොග් සම්බන්ධයෙන් අලුත් කෙනෙක්, මටත් හිතුනා බලොග් එකක් කරගෙන යන්න,තේරෙන විදියට,………ආ ඔයාලා බලයි ඇයි මම එහෙම කිව්වෙ කියලා.මම එහෙම කිව්වෙ blog ගැන මම ගොඩක් දන්න කෙනෙක් නෙමෙයි.ඒ වගේම මම computer ඉගෙන ගන්න කෙනෙක් කිව්වොත් නිවැරදියි.ඒ නිසයි මම එහෙම කිව්වෙ.බ්ලොග් භාවිතය ගැනත් ඉගෙන ගන්න ආස හිතුනා අනේ…………………………………….

ඉතින්………………..මම හිතනවා මට ඔයාල හැමෝම උදවි කරයි කියලා.මට මේ සම්බන්ධයෙන් මුලින්ම කිවුවෙ මම computerපුහුණුවන තැන සර් තමයි. තව මිස් කෙනෙකුත් මට ගොඩක් උදවි කලා.ඇත්තටම ඒ දෙන්නට මම ගොඩක් ස්තුති කරන්න ඕන ඒ පිළිබදව නම්,

එන්න සැරිසරන්න මගේ බ්ලොග් අඩවියේ…………………………….

Posted in Uncategorized | 8 Comments